ව්‍යාපාර ප්‍රවර්ධනය සදහා Facebook සමාජ ජාලය නිවැරදිව භාවිතා කරන ආකාරය
Facebook සමාජ ජාලය යනු ලෝකයේ පමණක් නොව ලංකාවේද අති බහුතරයක් දෙනා භාවිතා කරන සමාජ ජාල මාධ්‍යයයි. අද වනවිට මාසිකව ලොව පුරා බිලියන 2.45 ක ජනතාවක් මෙම සමාජ ජාලය භාවිතා කරන අතර දෛනිකව බිලියන 1.62 ක පිරිසක් මෙම සමාජ ජාලය හා සම්බන්ධ වන බව ජනප්‍රිය Hotsuit බ්ලොග් අඩවිය සදහන් කරයි. ප්‍රමාණාත්මක වර්ධනයට සාපේක්ෂව ගුණාත්මකව මෙම ජාලය භාවිතා කරන ප්‍රමාණය ඇත්තේ ඉදිරිපත්කළ සංඛ්‍යාත්මක දත්තවලින් 10% කටත් වඩා අඩු පිරිසකි. බොහෝ දෙනෙක් Facebook සමාජ ජාලය භාවිතා කරනුයේ හුදෙක් විනෝදයට හා තමන්ගේ මත ඉදිරිපත් කිරීමට පමණකි.
ව්‍යාපාරික ඇසකින් මෙම සමාජ ජාලය දෙස බැලුවහොත් අපට කිවහැක්කේ ෆේස්බුක් යනු ප්‍රබල අලෙවිකරණ මාධ්‍යයක් බවයි. ඊට හේතුව වන්නේ බිලියන ගණනක් ජනයා එකතුවන තැනක අලෙවිකරණ පණිවිඩයක් ඉතා පහසුවෙන් ජනයා අතර සම්ප්‍රේෂණය කළ හැකි වීම නිසාවෙනි. මේ අනුව ව්‍යාපාරික අපට Facebook යනු ව්‍යාපාර ප්‍රවර්ධනය හා අලෙවිකරණ සැලැස්මක් ක්‍රියාත්මක කළ හැකි කදිම තෝතැන්නකි.
මෙම ලිපිය තුළින් අප ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය උදෙසා මෙම සමාජ ජාලය නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබව කතා කරනු ලබයි. එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන ඔබට ඉතා වැදගත් ලිපියක් වන බැවින් අවසානය තෙක්ම මෙය කියවන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිමු.
පළමුව අප ඔබට Facebook Profiles, Facebook Groups, Facebook Pages යන ඒවා හා ඒවායේ වෙනස්කම් පිළිබදව කෙටි හැදින්වීමක් ගෙන එන අතර මේවා ඔබේ ව්‍යාපාර ප්‍රවර්ධනය උදෙසා නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබදව දෙවනුව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමු.
Facebook Profiles
Facebook භාවිතා කරන සැමට හිමිවන දෙයකි. මෙය බොහෝවිට භාවිතා වන්නේ ඔබේ පෞද්ගලික දේවල් පලකිරීම හා ඔබේ අනෙක් මිතුරන් හා සම්බන්ධ වීම උදෙසා පමණි. මෙහිදී ඔබට මිතුරන් 5000ක් දක්වා තම ජාලය වර්ධනය කරගත හැකිය. මෙහිදී ඔබේ ප්‍රවර්ධන පණිවිඩයක් ඔබේ මිතුරන්ට පමණක් දර්ශනය වීම සිදුවේ. ව්‍යාපාරික වැඩ කටයුතු උදෙසා Facebook Profile එකක් පමණක් යොදා ගැනීම එතරම් උචිත කටයුත්තක් නොවේ. සමහර කුඩා ව්‍යාපාර කරන ව්‍යාපාරිකයින් ඔවුන්ගේ නමින් Facebook Profile එකක් සාදාගෙන ඔවුන්ගේ අලෙවිකරණ පණිවිඩ එහි ප්‍රචාරය කරති. නමුත් මෙය ඔබේ මිතුරු ජාලයට පමණක් සීමා වන කටයුත්තක් බැවින් එමගින් විශාල ප්‍රතිලාභයක් අත්කර ගත නොහැකි වේ.
Facebook Group
Facebook Group එකක් යනු යම්කිසි ක්ෂේත්‍රයකට හෝ කාර්‍යයක් උදෙසා ජනයා එකතු වූ සමූහයකි. සමහර සමූහවල ඇත්තේ සාමාජිකයින් ඉතා කුඩා ප්‍රමාණයකි. නමුත් සමහර සමූහවල ලක්ෂ ගණනක් සාමාජිකයින් ඇත. ඔබ යම්කිසි Facebook Group එකකට සම්බන්ධ වී කිසියම් දෙයක් එහි පළ කළහොත් එම පළකරන දේ එම සමූහයේ සියලු දෙනාටම දැකිය හැකිවේ. මෙලෙස විශාල සාමාජිකයින් ගණනක් සිටින සමූහයක ඔබ යම් අලෙවිකරණ පණිවිඩයක් පළ කළහොත් එය විශාල පිරිසක් ඉදිරියේ දර්ශනය වීමද සිදුවේ. ඔබට මෙලෙස ඕනෑම ක්ෂේත්‍රයක් උදෙසා Facebook Group එකක් නිර්මාණය කළ හැකි අතර එහි සාමාජිකයින් වැඩි කරගැනීමට නම් ඔබට බොහෝ මහන්සි වීමටද සිදුවේ. මෙලෙස සමූහයක් නිර්මාණය කරගෙන එය විශාල සාමාජිකයින් සංඛයාවක් දක්වා දියුණු කරන ආකාරය ගැන ඉදිරියේදී අප කතා කිරීමට බලාපොරොත්තු වෙමු.
ව්‍යාපාරික ඇසින් සලකා බැලුවහොත් මෙම Facebook Groups යනු ඔබේ භාණ්ඩ හා සේවා අලෙවි කරගැනීමට හා ප්‍රවර්ධනයට කදිම ස්ථානයකි. සේවා හා භාණ්ඩ අලෙවි කරන්නන් උදෙසාම සැකසූ Facebook Groups රැසක්ම ඇත. ඔබටද ඔබේ ව්‍යාපාරයට අදාල මෙවැනි සමූහවලට සම්බන්ධ වී එහි ඔබේ අලෙවිකරණ පණිවිඩ පළ කිරීම කළ හැකිවේ. නමුත් මෙය එතරම්ම ඵලදායී කටයුත්තක් නොවේ. මෙය මීට වඩා වෙනස්ම ආකාරයකින් ඔබට සිදුකළ හැකිය.
එනම් ඔබේ භාණ්ඩ හා සේවා ලබාගත හැකි පිරිස් සිටින සමූහවලට සම්බන්ධ වී ඒවායේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස වැඩ කරන අතරතුර ඔබේ අලෙවිකරණ පණිවිඩද අතරින් පතර පළ කිරීම මෙම උපක්‍රමයයි. මෙහිදී ඔබට එම ගෘප් වල නීතීරීති වලට යටත් වීමටද සිදුවන අතර එම නීතිරීති වලට යටත් නොවුනහොත් එම ගෘප් වලින් ඔබව ඉවත් කිරීමටද ඇඩ්මින්වරු වහා කටයුතු කරනු ඇත. එම නිසා ඔබ කිසියම් සමූහයකට සම්බන්ධ වීමට පෙර එහි සාමාජිකයින් සංඛ්‍යාව, එහි නීතිරීති හා එය ඔබේ අලෙවිකරණ පණිවිඩ පළ කිරීමට කොතෙක් ගැලපේද යන්න සලකා බලා සම්බන්ධ විය යුතුවේ. මෙලෙස යම්කිසි සමූහයකට සම්බන්ධ වූ දිනයේ සිට ඔබේ අලෙවිකරණ පණිවිඩ එහි පළ කරනු වෙනුවට ටික කාලයක් එහි ක්‍රියාකාරී වි සාමාජිකයින් අතර ජනප්‍රිය වෙමින් ඔබේ භාණ්ඩ හා සේවා පළ කර ගැනීම නුවැණැති ක්‍රියාවකි. මෙවැනි විශාල සමූහවල පමණක් ක්‍රියාකාරී වෙමින් ඒවායින් සාර්ථක ප්‍රථිපල ලබාගන්නා අප දන්නා අන්තර්ජාල ව්‍යවසායකින් කීපදෙනෙක්ම සිටී.
Facebook Pages
ඔබේ ඕනෑම ව්‍යාපාරයට හෝ සේවාවට අදාලව ඕනෑම නමකින් පහසුවෙන් Facebook Page එකක් නිර්මාණය කිරීම කළ හැකිය. මෙම Facebook Page එකක් සෑදීමට ඔබට අනිවාර්‍යයෙන්ම පෞද්ගලික Facebook Account එකක් තිබීම අනිවාර්‍ය වේ. මෙම සාදන ෆේස්බුක් පිටුවට ඔබේ ව්‍යාපාරයේ ලිපිනය, දුරකථන අංක ඇතුලුව අනෙක් සියලුම විස්තර ඇතුලත් කළ හැකිය. මෙහි Likes, Follow ප්‍රමාණය වැඩි කරගැනීම තුළින් ඔබේ ව්‍යාපාරය වටා ඊට කැමත්ත දක්වන පිරිස වැඩි කර ගැනීම ඔබට කළ හැකිය. මෙය Personal Profile එකක මෙන් සාමාජිකයින් 5000කට පමණක් සීමා නොවන අතර ඔබට Likes ඕනෑම ප්‍රමාණයක් දක්වා පිටුව ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව හිමිවේ.
Facebook Page එකක් තිබෙන ඕනෑම කෙනෙක්ට Facebook වෙත මුදල් ගෙවීම තුළින් භාණ්ඩ හා සේවා ප්‍රචාරණය කර ගැනීමට අවස්ථාව හිමිවේ. මෙහිදී ඔබ වියදම් කරන මුදලට අදාලව Target Audience එකක් ඔබේ දැන්වීම වෙත ගෙන්වා ගත හැකිය. මෙහිදී ඔබට අදාල දැන්වීම පෙන්විය යුත්තේ කුමන රටක කුමන ප්‍රදේශයක කුමන වයස් සීමාවක අයටද යන්න තිරණය කළ හැකි අතර, ඒ අනුව Facebook විසින් අදාල Audience එක වෙත ඔබේ දැන්වීම ප්‍රචාරය කරනු ලැබේ. ඔබේ පිටුව පමණක් ප්‍රචාරය කිරීමට, ඔබේ වෙබ් අඩවියට පිරිස් ගෙන්වා ගැනීමට, ඔබේ දැන්වීමට වැඩි Reach එකක් ලබා ගැනීමට හා Engagements පමණක් ලබා ගැනීමට ලෙස අවශ්‍යතාව අනුව දැන්වීම් වර්ග රැසක්ම මෙහිදී තෝරාගත හැකිය. මුදල් වියදම් කර ඔබේ භාණ්ඩ හා සේවා ලබාගත හැකි Target Audience වෙත දැන්වීම් ගෙන යා හැකි නිසා මෙමගින් ඔබේ වියදමට සාපේක්ෂව ඉහළ ප්‍රතිලාභයක් අපේක්ෂා කළ හැකිය. නමුත් ඔබේ දැන්වීම ආකර්ෂණීය එකක් කර ගැනීම හා එයට අදාල නිවැරදි Audience එක කවුරුන්ද යන්න තීරණය කිරීම ඔබ සතුවන අතර එය නිවැරදිව නොකළහොත් ඔබේ වියදමට සාපේක්ෂව ප්‍රථිඵල නොලැබෙනු ඇත. Target Audience වෙත මෙලෙස ප්‍රචාරණ පණිවිඩයක් ගෙන යා හැකි නිසා එය අනෙක් සාම්ප්‍රදායික ප්‍රචාරණ ක්‍රමවලට වඩා අඩු වියදම් හා ඵලදායී වේ.
Influencer Marketing
Facebook තුළ කිසියම් ක්ෂේත්‍රයක් පිළිබඳව විශාල Likes ප්‍රමාණයක් තිබෙන Facebook Pages හා විශාල සාමාජිකයින් සංඛ්‍යාවක් සිටින Facebook Groups ඇත. මෙම Pages සහ Groups අදාල ක්ෂේත්‍රයට බලපෑමක් කළ හැකි Influencer කෙනෙක් ලෙසද හැදින්විය හැකිවේ. එනම්, ඔවුන්ට අදාල ක්ෂේත්‍රයට කිසියම් බලපෑමක් කළ හැකි නිසාවෙනි. මේ ආකාරයෙන් Influencer කෙනෙක් යොදාගෙන ඒ හරහා ඔබට ඔබේ භාණ්ඩ හා සේවාවන් අලවි කිරීම කළ හැකි අතර එය හැදින්වෙන්නේ Influencer Marketing ලෙසය.
ඔබට Marketing Budget එකක් දැනටමත් තිබේනම් ඔබේ Target Audience එක එක් රැස්වී සිටින Facebook Pages හා Facebook Groups වල ඇඩ්මින්වරු හා සම්බන්ධ වී ඔබේ අලෙවිකරණ පණිවිඩය කෙටි කාලයකින් ඉතා විශාල පිරිසක් අතරට ගෙන යා හැකිය. මෙහිදී ඒවාට කෙතරම් මුදලක් වැය කළ යුතුද යන්න අදාල ඇඩ්මින්වරු සමග කතා කොට තීරණය කර ගැනීම කළ හැකිය. මෙය ව්‍යාපාරික ඔබට යොදාගත හැකි තවද ඵලදායී ක්‍රියාවකි. Influencer Marketing යනු Facebook මෙන්ම අනෙක් ඕනෑම තැනකදී යොදා ගත හැකි සාර්ථක අලෙවිකරණ උපාය මාර්ගයකි.
අවසානය
Facebook යනු විශාල පිරිසක් සම්බන්ධ වන සමාජ ජාලයකි. මෙය භාවිතා කරන පිරිස දිනෙන් දින වැඩිවේ. මෙම සමාජ ජාලය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබදව හොද අවබෝධයක් තිබේ නම් එය ව්‍යාපාරිකයන්ට තම භාණ්ඩ හා සේවා අලෙවි කර ගැනීමට හා ප්‍රවර්ධනයට ඉතා සාර්ථකව යොදාගත හැකිය. මෙම ලිපියේ අරමුණ වූයේ එකී ක්‍රම පිළිබදව ව්‍යාපාරික ඔබට දළ අවබෝධයක් ලබා දීමයි.
Comments
Post a Comment