ව්‍යාපාර ප්‍රවර්ධනය සදහා Facebook සමාජ ජාලය නිවැරදිව භාවිතා කරන ආකාරය Facebook සමාජ ජාලය යනු ලෝකයේ පමණක් නොව ලංකාවේද අති බහුතරයක් දෙනා භාවිතා කරන සමාජ ජාල මාධ්‍යයයි. අද වනවිට මාසිකව ලොව පුරා බිලියන 2.45 ක ජනතාවක් මෙම සමාජ ජාලය භාවිතා කරන අතර දෛනිකව බිලියන 1.62 ක පිරිසක් මෙම සමාජ ජාලය හා සම්බන්ධ වන බව ජනප්‍රිය Hotsuit බ්ලොග් අඩවිය සදහන් කරයි. ප්‍රමාණාත්මක වර්ධනයට සාපේක්ෂව ගුණාත්මකව මෙම ජාලය භාවිතා කරන ප්‍රමාණය ඇත්තේ ඉදිරිපත්කළ සංඛ්‍යාත්මක දත්තවලින් 10% කටත් වඩා අඩු පිරිසකි. බොහෝ දෙනෙක් Facebook සමාජ ජාලය භාවිතා කරනුයේ හුදෙක් විනෝදයට හා තමන්ගේ මත ඉදිරිපත් කිරීමට පමණකි. ව්‍යාපාරික ඇසකින් මෙම සමාජ ජාලය දෙස බැලුවහොත් අපට කිවහැක්කේ ෆේස්බුක් යනු ප්‍රබල අලෙවිකරණ මාධ්‍යයක් බවයි. ඊට හේතුව වන්නේ බිලියන ගණනක් ජනයා එකතුවන තැනක අලෙවිකරණ පණිවිඩයක් ඉතා පහසුවෙන් ජනයා අතර සම්ප්‍රේෂණය කළ හැකි වීම නිසාවෙනි. මේ අනුව ව්‍යාපාරික අපට Facebook යනු ව්‍යාපාර ප්‍රවර්ධනය හා අලෙවිකරණ සැලැස්මක් ක්‍රියාත්මක කළ හැකි කදිම තෝතැන්නකි. මෙම ලිපිය තුළින් අප ඔබේ ව්‍යාපාරය ප්‍රවර්ධනය උදෙසා මෙම සමාජ ජාලය නිවැරදිව භාවිතා කරන ආක...